සසරේ ඇති බියකරු බව මට නිතරම සිහි වේවා..
1. ගෙවාගෙන ආ සසරෙහි මා හෙළු කඳුළු මහ සයුරට වැඩි බව මට නිතරම සිහි වේවා.
2. ගෙවාගෙන ආ සසරෙහි මගේ සිරුරින් ගලාගෙන ගිය ලේ මහ සයුරට වැඩි බව මට නිතරම සිහි වේවා.
3.ගෙවාගෙන ආ සසරෙහි මගේ මල කඳන් එකතු කළේනම් ඒ ගොඩ මේ මහ පොළොවට වැඩි බව මට නිතරම සිහි වේවා.
4. ගෙවාගෙන ආ සසරේ නිරයට වැටී අපමණ දුක් විඳි වාර ගණන අනන්තයි කියලා මට නිතරම සිහි වේවා.
5. ගෙවාගෙන ආ සසරේ ප්‍රේතයෝ වෙලා සෙම සොටු අෂුචි ටිකක්වත් නැතිව බඩගින්නේ හිටි වාර ගනන අනන්තයි කියලා මට නිතරම සිහි වේවා.
6. ගෙවාගෙන ආ සසරේ තිරිසන් සතුන් වෙලා බියෙන් තැතිගැනීමෙන් සිටි වාර ගණන අනන්තයි කියලා මට නිතරම සිහි වේවා.
7. ගෙවාගෙන ආ සසරේ නීච අමනුෂ්‍යයන් වී දුක් විඳි වාර ගණන අනන්තයි කියලා මට නිතරම සිහි වේවා.
8. ගෙවාගෙන ආ සසරේ හොඳ කරන්ට බැරි භයානක රෝග සැදී දුක් විඳි වාර ගණන අනන්තයි කියලා මට නිතරම සිහි වේවා.
9. ගෙවාගෙන ආ සසරේ ජරාවට පත් වෙනවිට සුසුම් හෙළුු වාර ගණන අනන්තයි කියලා මට නිතරම සිහි වේවා.
10. ගෙවාගෙන් ආ සසරේ මරණයට බියේ දුක් විඳි වාර ගණන අනන්තයි කියලා මට නිතරම සිහි වේවා.
11. ගෙවාගෙන් ආ සසරේ අත පය කුණු වෙලා පණුවෝ ගසපු වාර ගණන අනන්තයි කියලා මට නිතරම සිහි වේවා.
12. ගෙවාගෙන ආ සසරේ මගෙන් උසුලා ගත නොහැකි දුක් විඳිමින් වියෝ වූ ප්‍රියයන් ගණන අනන්තයි කියලා මට නිතරම සිහි වේවා.
13. ගෙවාගෙන ආ සසරේ අප්‍රිය අමනාප පුද්ගලයින් සමඟ එකතු වී දුක් විඳි වාර ගණන අනන්තයි කියලා මට නිතරම සිහි වේවා.
14. ගෙවාගෙන ආ සසරේ කැමති දේ ලබා ගන්න බැරිව දුක් විඳි වාර ගණන අනන්තයි කියලා මට නිතරම සිහි වේවා.
15. සසරේ දිගටම ගියොත්නම් මේවාම නැවත ලැබීම අනන්තයි කියලා මට නිතරම සිහි වේවා.
16. බුදු කෙනෙක් ලෝකයට පහළ වෙලා මේ සියළු දුකින් මිදෙන මාර්ගය වදාළා කියන කරුණ මට නිතරම සිහි වේවා.
17. සසරේන් මිදෙන්නට මේ ලැබිලා තියෙන්නේ අවසාන අවස්ථාව කියලා මට නිතරම සිහි වේවා.
18. කුසල් සිත යටපත් වී අකුසල් සිත ඉහළට එන විට සසරේ බියකරු බව මට නිතරම සිහි වේවා.
19. කුසල් සිත හැකිලී කුසලට කම්මැලි වෙනකොට සසරේ බියකරු බව මට නිතරම සිහි වේවා.
20. දහමේ හැසිරීම ප්‍රමාද කරනකොට අයෝනිසෝ මනසිකාරයේ යෙදෙනකොට දස කුසල් කරන කෙනාත් දුගතියට යනවා කියන කරුණ මට නිතරම සිහි වේවා.
21. ප්‍රමාදයටම වැටෙනකොට මේ මොහොතේ වුණත් මම මරනයට පත් විය හැකි බව මට නිතරම සිහි වේවා.
22. රාගයෙන් සිත යටපත් වෙනකොට රාග සිතින් මැරුණොත් දුගතියේ කියලා නිතරම මට සිහි වේවා.
23. ද්වේශයෙන් සිත යටපත් වෙනකොට ද්වේශ සිතින් මැරුණොත් දුගතියේ කියලා නිතරම මට සිහි වේවා.
24. මෝහයෙන් සිත යටපත් වෙනකොට මෝහ සිතින් මැරුණොත් දුගතියේ කියලා නිතරම මට සිහි වේවා.
25. සෝතාපන්න නොවී මම මිය ගියොත් මට කිසිම පිළිසරනක් ගැන අංශුවක විශ්වාසයක් තැබිය නොහැකි බව මට නිතරම සිහි වේවා.
26. මේ අවසාන අවස්ථාව කියන කරුණ මට නිතරම සිහි වේවා.
27. පොඩි පොඩි පින් කරලා කාමයන්ම පතන්නට සිතෙනකොට සසර දුකමයි නේද මේ පතන්නේ කියලා මට නිතරම සිහි වේවා.
28. සදහම් මිතුරන් මුණගැසුණුවිට ඔවුන් සමඟ මෝඩ විහිළු කරමින් මේ උතුම් මොහොත අපතේ නොයවන Oඑනෑ කියලා මට නිතරම සිහි වේවා.
29. මමත් ධර්මයේ හැසිරෙන ලොකු පිණිහෙක් කියලා ලෝකයට පෙන්නන්න හිතෙනකොට හිත කියවන්න පුළුවන් දෙවියෙක් හරි බඹෙක් හරි දැක්කොත් විළි ලැජ්ජාවයි කියලා මට නිතරම සිහි වේවා.
30. රහසින් හෝ පවක් කරන්නට හිතෙනකොට තෙරුවන් සරණ ගිය මට මේ මොනවද සිතෙන්නේ කියලා ලැජ්ජාව උපදවා ගන්න මට නිතරම සිහි වේවා
31. මානයෙන් සිත යටපත් වෙනකොට පාපිස්සක් වගේ නිහතමානී වෙන්න මට නිතරම සිහි වේවා.
32. උගත්කම නිළය තනතුර ධනය බලය ධර්මයේදී තුට්ටුවකට නොවටිනා බව මට නිතරම සිහි වේවා.
33. මහා බලසම්පන්න තථාගතයන් වහන්සේත් මෙළොව හැර ගියා. මටත් ඒ ටික වෙනවා කියන කරුණ මට නිතරම සිහි වේවා.
34. මිනිස් ලෝකය වේගයෙන් පිරිහීගෙන ගොස් ධර්මය අතුරුදන් වෙන බව මට නිතරම සිහි වේවා.
35. පැන් බින්දුව බින්දුව පිරී කලය පිරෙනවා සේ කුඩා කුඩා හෝ පිනක් රැස් කරගැනීමට ඕනෑ කියලා මට නිතරම සිහි වේවා.
36. සසර දුකින් නිදහස් වෙන්න තියෙන එකම ක්‍රමය සතර සතිපට්ඨානය වැඩීම බව මට නිතරම සිහි වේවා.
37. සසර දුකින් නිදහස් වෙන මඟ කියන කළණ මිතුරු ගුණ මට නිතරම සිහි වේවා.
38. සසර දුකින් නිදහස් වෙන මඟ අනුගමනය කිරීම මේ දැන් කළ යුත්තක් බව මට නිතරම සිහි වේවා.
39. මට ධර්මය අවබෝධ කිරීමට ඇති එකම අවස්ථාව මේ වර්ථමානයේ ඇති මොහොත පමණක් බව මට නිතරම සිහි වේවා.
40. මේ සසරේ ඇති බියකරු බව මට නිතරම සිහි වේවා.
එතකොට මම ඒ භාග්‍යවතුන් වහන්සේගේ ධර්මය නිතර සිහි කළා වෙනවා.


No comments: